Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2020 09:14:47 Hours

සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් දැඩි ලෙස අනුගමනය කරන මෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මහජනතාවගෙන් ඉල්ලා සිටියි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින පස්වරුවේ රාජගිරිය පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය අමතමින්, වෛරසය ආසදනය වූ පොකුරු වැඩි වශයෙන් හඳුනාගැනීමත් සමඟ දැඩි සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අඛණ්ඩව පිළිපැදීමේ වැදගත්කම මහජනයාට සිහිපත් කර දුන්නේය.

මෙහිදී, දැනට රටතුළ ක්‍රියාත්මක වන යාන්ත්‍රණය පිළිබඳ පැහැදිලි කළ යුද්ධ හමුදාධිපතිතුමන් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ රාජකාරිහි නිරතව සිටින සියලුම ආරක්‍ෂක අංශ සාමාජිකයින්, වසංගත රෝග විද්‍යාඥයින්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා පොකුරුහි ආශ්‍රිතයන් හඳුනාගැනීමට මේ වනවිට සමත් වී ඇති බව පෙන්වා දුන්නේය. මෙලෙස හඳුනාගන්නා ආශ්‍රිතයින් එම ප්‍රදේශයන්හි මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සමඟ සම්බන්ධතාවයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සහ නිවෙස් තුළ ස්වයං නිරෝධායන කිරීමට පියවර ගත් අතර ඒ අතරින් හඳුනාගන්නා ආශ්‍රිතයින් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව හා සම්බන්ධ ආශ්‍රිතයින් බවට වාර්තා වී ඇත. ආසාධිතයින්ගේ පළමු සහ දෙවන සම්බන්ධතා දැනටමත් හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පැවසීය.

මහජනතාවට අවම බලපෑමක් සිදුකරමින් සංවර්ධනයන් සහ අවශ්‍යතාවයන් මත පදනම්ව නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කල යුතු බවත් සෞඛ්‍ය අංශයේ සේවකයින්ට මහජනතාව ලබාදෙන සහයෝගය බෙහෙවින් අගය කොට සැලකිය යුතු බවත් එවන් සහයෝගයක් තුළින් ඔවුන් දිරිමත් කරනු ඇති බවත් එහිදි අවධාරණය කෙරුණි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ; affiliate link trace | NIKE RUNNING SALE