Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2024 20:05:21 Hours

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් දීපව්‍යාප්ත රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩක සිදුකරගෙන යාමට යුද්ධ හමුදාවේ දායකත්වය

දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අද (ජනවාරි මස 11) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහල, මහමෝදර ශික්‍ෂණ රෝහල, පේරාදෙණිය ශික්‍ෂණ රෝහල, කුරුණෑගල ශික්‍ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල සහ මාතර, බලංගොඩ, ඇහැලියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මොණරාගල සහ මීරිගම යන රජයේ රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත.

මේවන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවා ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භට පිරිස් සූදානම් කරන ලෙසත්, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.