07th August 2023 20:50:54 Hours
පොළොන්නරුව, සෝමාවතිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර ඇසළ පුර පසළොස්වක පොහොය දිනය යෙදී තිබූ පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස සෝමාවතිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපත්තුමන්ගේ උපදෙස් සහ 9 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීගේ සමීප අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් පෙරහැර ගමන් ගන්නා පූජා භූමි පරිශ්‍රය පිරිසිදු කර මඟ දෙපස ආලෝකමත් කරමින් සිය දායකත්වය ලබාදුන්හ.
සෝමාවතිය චෛත්‍යය තුළ තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළඳා වහන්සේ වෙනුවෙන් මෙම ඓතිහාසික පෙරහැර වාර්ෂිකව පැවැත්වේ.