Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සිවිල් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පාපන්දු කණ්ඩායම සමඟ තරඟවදියි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් සිවිල් - හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කළ මිත්‍රත්ව පාපන්දු තරඟාවලිය ඉරිදා (26) දින පුනරින් ප්‍රදේශයේ පැවැත් වූ අතර, ඒ සඳහා සිවිල් ක්‍රීඩා සමාජ 04 ක් සහභාගි වූහ.

සිවිල් ජනතාව හා ආරක්ෂක හමුදාවන් අතර හොඳ හිත සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා පල්ලිකුඩා ‘ජොලි බොයිස්’ සහ ඉලන්නේරිය ක්‍රීඩා සමාජය අතර පැවත්විය. එහිදි ගෝල 2 – 0 ලෙස ‘ජොලි බොයිස්’ කණ්ඩායම වෙත ජයග්‍රහණය හිමි විය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලානගේ අධික්ෂණය මත සංවිධානය කළ මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

මෙහිදි යුද හමුදා ටයිකොන්ඩෝ සංදර්ශනයක්, යමහා යතුරු පැදි ධාවන සංදර්ශනයක් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පාපන්දු කණ්ඩායම සහ ජයග්‍රාහි ‘ජොලි බෝයිස්’ ක්‍රීඩා කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරඟයක් ද පැවැත්විය. අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කාරියකරවන විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන පිරිනැමුහ.

පූජ්‍ය අරුලදසාන් පියතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල ගලගමගේ, 661 සහ 662 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, පුනරින් පොලිස් ස්ථානාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ පුනරින් ප්‍රදේශයේ සිවිල් වැසියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Best Sneakers | Nike Air Max 270