30th January 2024 19:01:22 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල පී චාල්ස් ජාත්‍යන්තර සිලම්බම් ශූරතා තරඟාවලියන් සඳහා සහභාගී වී දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කර ඔහු වෙත ප්‍රශංසා පිරිනැමීය.
ඔහුගේ ජයග්‍රහණයන් පහත පරිදි වේ:
• 1 වන ලෝක සිලම්බම් ශූරතාවලිය 2023 (ඉන්දියාව)
පූම්සේ ඉසව්ව - අනුශූරතාවය
කුමිතේ (සටන්) - ශූරතාවය
කාතා - අනුශූරතාව
• 2 වන ලෝක සිලම්බම් ශූරතාවලිය 2023 (ශ්‍රී ලංකාව)
පූම්සේ ඉසව්ව - අනුශූරතාවය
කුමිතේ ඉසව්ව (සටන්) - ශූරතාවය
කාතා ඉසව්ව - අනුශූරතාවය
• 5 වන ආසියානු සිලම්බම් ශූරතාවලිය 2023 (ඉන්දියාව)
පූම්සේ ඉසව්ව - අනුශූරතාවය
කුමිතේ ඉසව්ව (සටන්) - ශූරතාවය
කාතා ඉසව්ව - ශූරතාවය
කණ්ඩායම් ඉසව්ව - අනුශූරතාවය