Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2025 00:44:00 Hours

සිරි දළඳා වන්දනාවේ රාජකාරි සිදුකළ යුද්ධ හමුදා භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගාවේ පැවති විශේෂ දන්ත ධාතූන් ප්‍රදර්ශනයේ විශේෂ රාජකාරි යොදවා සිටි යුද්ධ හමුදා සාමාජිකයන් පැසසුමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 28 දින මහනුවර, ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.