Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 13:04:08 Hours

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී තේ පැන් සංග්‍රහයක්

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 18) දින උදෑසන පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

චාරිත්‍රානුකූල අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයේ කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වූහ. අනතුරුව එතුමන් විසින් රැස්ව සිටි පිරිස වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරනු ලැබීය.

සාම්ප්‍රදායික තේ මේසය කිරිබත් සහ රසකැවිලි වර්ග රාශියකින් සරසා තිබූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වූවන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ. මෙම අවස්ථාවට නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් ද සහභාගී වූහ.