Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය 593 වන බලසේනාවේ ක්‍රීඩකයින්ට

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් අතර සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟ ඉකුත් සෙනසුරාදා (23) දින 593 වන බලසේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය 59 වන සේනාංකයේ 12 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.

තරඟාවලියේ අවසන් තරඟය 593 වන බලසේනා කණ්ඩායම සහ 19 වන ගැමුණු හේවා බළඇණි කණ්ඩායම සමඟ පැවැති අතර තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 593 වන බලසේනා කණ්ඩායම සමත්විය.

අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වූ අතර 59 වන සේනාංකය යටතේ ස්ථාපති ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද අවසන් තරඟය දැකබලාගැනීම සඳහා සහභාගි වූහ. Best jordan Sneakers | Air Jordan Sneakers