Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සාලාව සිදුවීමෙන් අලාභාහානී වූ වෙළද හිමියන් සඳහා යුද හමුදාවෙන් නොමිලේ ඉඩම්

සාලාව යුද හමුදා කඳවුරේ සිදු වු පිපිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ වෙළඳ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගැඹුරින් සොයා බලා එම කඳවුරු භූමියේ කොළඹ අවිස්සවෙල්ල මාර්ගය මුහුණලා මිටර් 500 ක බිම් තීරයක් වෙළඳ සැල් 35 ක් ඉදිකිරීම සඳහා ලබා දී ඇත.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 1 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් මේ සඳහා අනියුක්ත කර ඇති අතර, මෙහි අධීක්ෂණ කටයුතු බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් සිදු කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 21 ක මුදලක් ලබා දී ඇත.

බ්‍රහස්පතින්දා (8) දින පැවති එම ව්‍යපෘතියේ ආරම්භක උත්සවයේ දී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සමගින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් පළමු පස් පිඩැල්ල කැපීම සිදු කරන ලදී.

මූලික භූමි සැකසීමෙන් අනතුරුව 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

විපතට පත් ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයින් විසින් කුලී පදනම මත ඔවුන්ගේ ව්‍යාපාර සිදුකරමින් සිටි අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඒ සම්බන්ධයෙන් තම අවධානය යොමු කර ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා හට උපදෙස් ලබාදෙමින් මෙම ඉඩම් කොටස ලබාදීමට කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයන්නන් යුද හමුදා කර්මාන්ත ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ටී.එන් ජයසූරිය, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා මෙන්ම තවත් රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතියේ කටයුතු සති දෙකක පමණ කාලයක් තුළදී නිම කිරීමට බලාපොරොත්තු වේ.

buy shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals