Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2021 17:57:46 Hours

සාර්ථකත්වය සඳහා ‘විනය’ දායක වන අයුරු යුද්ධ හමුදාධිපතිතුමන් පහදයි

35 වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනය (International Chartered Accountants Students’ Conference) අඟහරුවාදා (16) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා වරලත් ගණකාධිකාරීවරුන් 100 කට වැඩි පිරිසකගේ සහ වරලත් ගණකාධිකාරී සිසුන් ගේ සහභාගී වූ අතර සම්මේලනය කොළඹ කින්ග්ස්බරි හෝටලයේදි පැවැත්විණ. මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමා විසින් ‘විනයගරුක අනාගතයක් සඳහා සිසුන් සූදානම්ද’ යන මාතෘකාව යටතේ ආරාධිත දේශනය කරන ලදී.

දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (South Asian Federation of Accountants) නියෝජිතයින් ද ඇතුළුව ලොව පුරා අන්තර්ජාලය හරහා ගණකාධිකාරීවරුන් 1000 කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගී විය.

ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරීවරුන්ගේ ශිෂ්‍ය සම්මේලනය ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී. 35 වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සමුළුවේ සමාරම්භක සැසිවාරය සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ කරන ලදී. මෙම ශිෂ්‍ය සංගමයේ සභාපති දනුෂ්ක චතුරංග මහතා විසින් සමාරම්භක දේශනය සිදුකළ අතර නව වෙබ් අඩවිය සහ සිසුන්ගේ ‘Fusion’ සඟරාව නිකුත් කිරීම ද මෙහිදී සිදුවිය.  

මෙහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ‘නූතන සමාජයේ තරුණ පරම්පරාව’, ‘වෘත්තීමය ලෙස විනයගරුක වීමට මාර්ගය’ සහ ‘වෘත්තීය හා පෞද්ගලික ජීවිතය සමතුලිත කිරීම’ යනාදි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් සිය දේශන පැවැත්වීය.

ආරාධිත අමුත්තාගේ දේශනය අවසන් වීමෙන් පසු වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සංගමයේ සභාපති ධනුෂ්ක චතුරංග මහතා විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. 

සමාරම්භක සැසිවාරයට ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සභාපති මැනිල් ජයසිංහ මහතා, අනුග්‍රාහක රියාස් මිහුලාර් මහතා, වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සංගමය සහ තවත් කිහිප දෙනෙක් එක්වූහ. jordan release date | Nike Running