Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2023 21:38:48 Hours

සාම සාධක රාජකාරී නිමකර පැමිණි ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්වල සේවය ඇගයේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) රාජකාරි සිදුකරන ලද 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) සේවය කර මෙරටට පැමිණි භටපිරිස්වල සේවය ඇගයීමට ලක් කිරීමේ විශේෂ හමුවක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

යුද්ධ හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 115 දෙනෙකු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ රාජකාරි සඳහා සහභාගී වූහ. එම පිරිස 2023 මාර්තු 08 වන දින ලෙබනන් රාජ්‍යයේ වසරක සේවා කාලයක් අවසන් කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි එම සියලුම පාබල හමුදා සාමාජිකයින් වෙත මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් ඔවුන් සාම සාධක භටයන් ලෙස ලෙබනනයේ රැඳී සිටි කාලය තුළ සිදු කරන ලද සේවාව ඇගයීමට ලක් කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.