Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2024 13:52:26 Hours

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සඳහා ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ මැයෙන් වැඩසටහනක්

කොළඹ, යුද්ධ හමුදා රෝහල විසින් ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ වැඩසටහන යටතේ සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සඳහා බෝනොවන රෝග හඳුනාගැනීම හා ඉන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 16) දින පැවැත්විණි.

වැඩසටහන ආරම්භ කරමින් බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන යූඑස්පී විසින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තුලින් දීර්ඝායුෂ ලබාගන්නා අයුරු පිළිබඳව පැහැදිළි කරමින් විශේෂ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වූ අතර, අනතුරුව කපිතන් ඒ.එම් තෙල්වත්ත විසින් ආතති කළමනාකරණය පිළිබඳවත්, මේජර් ඒ.සී.කේ උඩුගම විසින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ Bvt කර්නල් බී.එල් රණසිංහ විසින් ව්‍යයාම අභ්‍යාසවලින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලැබූහ.

වැඩසටහන සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොඩ්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ශිෂ්‍ය නිලධාරීන් සහභාගී වූහ.