Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2023 00:17:34 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සතියක පුහුණු වැඩමුළුවක් පසුගිය මැයි මස 18 දින සිට 25 දින දක්වා අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

පුහුණු වැඩමුළුවේදී රෙජිමේන්තු ඉතිහාසය, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වගකීම්, නායකත්වය, සරඹ පිළිවෙත්, යුද්ධ හමුදා නීතිය, සමාජ ආචාර විධි යනාදී විෂය කරැණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති අවසන් දින උත්සවයට බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ සහභාගී වූ අතර, එහිදී එතුමන් සමාප්ති දේශනය සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන්, පාඨමාලා උපදේශකවරුන් සහ සෙසු නිලයින් එක්ව සිටියහ.