15th April 2023 19:27:42 Hours
උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ එම රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඔමිලා ජයවර්ධන මහත්මිය සහභාගී විය.
බක්මහ උලෙළ සඳහා මැරතන් තරඟය, ලිස්සන ගහේ නැගීම, කනා මුට්ටිය බිදීම, බැලුන් පිපිරවීම, සැඟවුණු අමුත්තා සෙවීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සිඟිති අවුරුදු කුමරිය සහ අවුරුදු කුමාර තේරීම ආදී සියලුම වයස් කාණ්ඩයන් සඳහා සහභාගි විය හැකි තරඟ ඉසව් රාශියක් ඇතුලත් වූහ.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘Young Cougars Club’ අරමුදල සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස අවුරුදු පොලක් ද සංවිධානය කරනු ලැබූ අතර, එහි දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ඉදිරිපත්කර තිබුණි. රෙජිමේන්තු අධිපතිතුමක් සහ අනෙකුත් ආරාධිතයින් ඇතුලු එම රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභවේ සාමාජිකයින් අවුරුදු උත්සවයේ තරඟ ඉසව් වලින් ජයග්‍රහණය ලැබූවන් සඳහා ත්‍යාග ප්රදානය කරන ලදී.
මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, ඔමිලා ජයවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් සහ තෑගි පාර්සල් බෙදා දෙන ලදී.
අවුරුදු උත්සවය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ශාකාවේ සාමාජිකාවන්, ‘Young Cougars Club’ හි සමාජිකයින්, සෙසු නිලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.