Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2025 12:06:59 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් අභාවප්‍රාප්ත කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දරුවන් තිදෙනෙකු වෙත වියළි ආහාර සලාක සහ මූල්‍ය පරිත්‍යාගයක් 2025 අප්‍රේල් මස 06 දින සිදුකරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනි ශිරෝමි මාසකෝරාළ මහත්මිය විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය සිදුකළ අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් වියළි ආහාර සලාක ප්‍රධානය කරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ ලේකම්තුමිය එම දරුවන් ජිවත්වන නිවස වෙත ගොස් මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.