30th January 2024 19:30:20 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ සාමාජිකයින් සඳහා වූ සුහද හමුවක් මහනුවර, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පැවැත්විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ සහභාගී විය.
සුහද හමුව ආරම්භයේදී රෙජිමේන්තු අධිපතිතුමන් විසින් පැමිණ සිටි සියලුම සේවා මුක්ත භටසංගමයේ සාමාජිකයින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම සුහද හමුවේ මූලික අරමුණ වූයේ ඔවුන් වෙත පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් ලබාදීමයි.