Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2023 20:56:43 Hours

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවැති මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 32 සාර්ථකව අවසන්

මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් කුකුළේගඟ හි පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පවත්වන ලද මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 32 පසුගිය බ්‍රහස්පතින්දා (26) දින සාර්ථකව අවසන් කරන ලදී.

පාඨමාලාවේ සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම සහභාගී වූ අතර, එහිදී එතුමන් විසින් පාඨමාලාව සඳහා සහභාගී වූ ශිෂ්‍ය නිලධාරීන්ගේ කුසලතා සහ දක්‍ෂතා පිළිබඳව ඇගයීමට ලක් කළේය.

ජනවාරි 09 සිට 26 දක්වා පවත්වන ලද මෙම පාඨමාලාව සඳහා මානව හිමිකම්, සිවිල් නීතිය, මූලික අයිතිවාසිකම්, අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම්වල හමුදා බලතල, කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් සහ ඉගැන්වීමේ පිළිවෙත් යන විෂයය කරුණු අන්තර් ගතවිය.

පාඨමාලාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 38 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 05 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් 04 දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 47 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය හිමිකරගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.ඊ බුද්ධික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී විශේෂ ඇගයීමට ද ලක් විය.