Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2023 22:35:22 Hours

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සිවිල් සේවක මහතුන්ගේ සේවය ඇගයේ

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් ඉකුත් අප්‍රේල් 10 දින සංවිධානය කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී ඒ රාජපක්ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය උත්සව සමයේ ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමටත්, යුද්ධ හමුදාව වෙත ඔවුන් කළ සේවය අගය කිරීම වෙනුවෙනුත් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් සී ඒ රාජපක්‍ෂ ආර්එස්පී සහභාගි විය. තවද එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.