Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2024 17:56:26 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනී ලෙස දුලාෂි මීපාගල මහත්මිය එම රෙජිමේන්තු මූලස්ථානයේ දී 2024 අගෝස්තු මස 26 දින පැවති කෙටි උත්සවයකින් අනතුරුව සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ආගමික වතාවත්වලින් අනතුරුව දුලාෂි මීපාගල මහත්මිය සිය නව පත්වීම භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබුවාය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සාමාජිකාවන් විසින් නව සභාපතිනිය වෙත සුබ පැතුම් පිරිනැමීය.