Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ක්‍රීඩකයින් සහ 6 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් එල්ලේ ශූරතාවය හිමි කරගනී

අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (කාන්තා) සෙනසුරාදා (30) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මුලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවති අතර, එහිදි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ එල්ලේ ක්‍රීඩකයින් සහ 6 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ එල්ලේ ක්‍රීඩාකාවන් විසින් පිළිවලින් පිරිමි හා කාන්තා ශූරතාවයන් හිමි කරගැනීමට සමත් විය.

අවසන් තරඟයේ දී විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණ්ඩයම සමඟ තරඟ වැදි අනුශූරතාවය හිමි කරගත් අතර, ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමට තරඟාවලියේ තෙවන ස්ථානය හිමිවිය. මෙසේ 6 වන වරටත් එල්ලේ ශූරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ක්‍රීඩකයින් මෙවරත් සමත් විය.

මේ අතර, කාන්තා අංශයේ අවසන් තරඟයේ දී 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩයම සමඟින් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩයම තරඟ වැදුණු අතර, එහිදි 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩයමට අනුශුරතාවය හිමි විය. එමෙන්ම, තරඟාවලියේ තෙවන ස්ථානය හිමි කරගැනීමට 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩයම සමත් විය.

අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී දෙසැම්බර් මස 27 සිට 30 දින දක්වා පැවැති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් පිරිමි කණ්ඩයම් 15 ක් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් කණ්ඩායම් 6 ක් තරඟ වැදුණි. පිරිමි තරඟාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැති අතර, කාන්තා තරඟාවලිය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විණි.

පිරිමි අංශයේ, සෑම අතින්ම දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එස්.සී. පීරීස් විසින් හිමි කරගත් අතර, තරඟාවලියේ හොඳම ප්‍රහාරකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඩි. කුමාර විසින් හිමි කරගනු ලැබීය. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීයා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එන්.එච්. නලින් චින්තක තේරිපත් විය.

කාන්තා අංශයේ, සෑම අතින්ම දක්ෂතම ක්‍රීඩාකාවට හිමි කුසලානය 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ එම්.ටී. මනතුංග හිමි කරගත් අතර, තරඟාවලියේ හොඳම ප්‍රහාරකයාට හිමි කුසලානය 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා කාන්තා සෙබළ එම්.එන්.එල්. දමයන්ති විසින් හිමි කරගනු ලැබීය. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීයා ලෙස 6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන්.ජයවර්ධන තේරිපත් විය.

මෙම තරඟාවලියේ විනිශ්චය කටයුතු සඳහා යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ ආරාධනයෙන් ශ්‍රී ලංකා එල්ලේ සංගමයේ විනිශ්චයවරුන් සහභාගි විය.

අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහභාගි විය.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි විය.

Running Sneakers Store | Nike sneakers