Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2023 20:55:37 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික සියළු නිලයන් සඳහා සුහද හමුවක්.

3,4 සහ 9 ශ්‍රී ලංකා සංඥා බලකායන් හි සුවද හමුවක් අනුරාධපුර, කුරුණෑගල, වවුනියාව, පුත්තලම, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල පදිංචි විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිළයින් වෙනුවෙන් 4 ශ්‍රී ලංකා සංඥා බලකා කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා ( දෙසැම්බර් මස 23) දින පවත්වන ලදී.

ශ්‍රි ලංකා සංඥා බළකායේ බළකාධිපති සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයු ගේ උපදෙස් මත විශ්‍රාමික නිලධාරින් සහ සෙසුනිලයින් 78 දෙනෙකු සදහා මෙම සුහද හමුව පවත් වන ලදී. ඉන් අනතුරුව රෙජිමේන්තුව සහ ඒකකවල සේවය කළ කාලය තුළ අතීත මතකයන් සිහිපත් කරමින් සුහද පිළිසදරක නිරත විය.

පොල්තෙල් පහන ආලෝකමත් කරමින් මහත් භක්තියෙන් යුතුව මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරැකීම හා 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී විසින් රැස්ව සිටි පිරිස අමතා ශ්‍රි ලංකා සංඥා බළකායේ නවතම තාක්ෂණික යාවත්කාලීනයන් පිළිබදව වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන ලදී.

විශ්‍රාමික භඨපිරිස් සදහා පැවති මෙම සුහද හමුවේ, සංගීත ප්‍රසංගය අවසානයේදී දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව වැඩසටහනේ කටයුතු අවසන් විය.