Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2025 10:46:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2025 පෙබරවාරි මස 18 දින සහ 19 දින යන දෙදින තුළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පුහුණු වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනුග්‍රහයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කල ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිලිබද දෙදින පුහුණු සැසියක් පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 පෙබරවාරි මස 18 ආරම්භ කරන ලදී.

සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, යුද්ධ සහ ගුවන් හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් පිළිගැනීමේ කතාව පවත්වනු ලැබීය. පසුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනේ අරමුණු සහ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් හඳුන්වාදීමේ කතාව පැවැත්විය.

සමාරම්භක සැසිවාරයෙන් පසුව විශේෂිත පුහුණු කණ්ඩායමක මඟ පෙන්වීම යටතේ දින දෙකක පුහුණු වැඩසටහන ආරම්භ විය. පුහුණු සැසිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ 135 දෙනෙකු සහභාගි වූහ.