Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2023 20:18:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බලඇණියේ යටිතල පහසුකම් සංවර්ධනය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බලඇණියේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කරමින් ඉදිකරන ලද මුර හල, විවේකාගාරය සහ ප්‍රධාන කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින පවත්වනු ලැබීය.

පසුගියදා ධූරයෙන් නික්මයනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ හිටපු සේනාවිධායක මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී විසින් මෙම ව්‍යපෘතියට මූලිකත්වය දෙන ලදී.

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායකගේ උපදෙස් මත එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී ගේ අධීක්‍ෂණය මත, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ සහාය සහ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මෙම ව්‍යපෘතිය සඳහා ලබාදී ඇත.

චාරිත්‍රානුකූලව පැවති විවෘත කිරීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ස්වේච්ඡා බලඇණිවල නිලධාරීන් සහ සෙසුනිලයින්ද සහභාගී වූහ.