Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2023 23:13:56 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සිවිල් සේවක මණ්ඩලයට ත්‍යාග ප්‍රධාන උත්සවයක්.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සීගේ උපදෙස්මත නත්තල සහ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු සිවිල් කාර්යය මණ්ඩලයේ සේවය ඇගයීමට ලක්කරමින් ත්‍යාග පාර්සල් සහ වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පැවැත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා මු බලසේනා මුලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා කේඑස්වීගේ අධීක්‍ෂණය යටතේ සිවිල් සේවක මහතුන් 40 දෙනෙකු සඳහා පසුගිය බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 21) ත්‍යාග පාර්සල් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක තුමන් සහභාගී වූ අතර, එහිදී සිවිල් සේවක සේවිකාවන්ගේ සේවය ඇගයීම සිදුකරමින් සලාක පාර්සල් බෙදා ලදී.

මෙම උත්සවය සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.