27th March 2024 19:06:09 Hours
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව විසින් පවත්වනු ලැබූ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024’ ඉකුත් සිකුරාදා (මාර්තු මස 22) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්සී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ ප්‍රධානත්වයෙන් තරඟාවලිය ආරම්භ වූ අතර, එහිදී ස්වේච්ඡා රෙජිමේන්තු නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩා කණ්ඩායම් මාර්තු මස 18 දින සිට 21 දින දක්වා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන ‘Rendezvous’ ක්‍රීඩා පිටියේදී තරඟ වැදුණි.
තරඟාවලියේ, කාන්තා අංශයේ ශූරතාවය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායමත් අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය කාන්තා කණ්ඩායමත් හිමිකර ගත්හ. සුපිරි ලීගයේ තරඟයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම ජයග්‍රහණය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් ගත්හ. මෙවර තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායමත් අනුශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායමත් හිමිකර ගන්නා ලදී.
සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය. ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි එතුමන්, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් සහ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂකතුමන්ගේ ස්තූති කථාවෙන් පසු උත්සවයේ කටයුතු අවසන් විය.
යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පහත පරිදි වේ;
සුපර් ලීග් තරඟය
හොඳම පිරිනමන්නා
ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල කේ.එම්.එස්. සාමකුමාර
හොඳම පන්දු ලබාගන්නා
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.සී. මධුසංඛ
හොඳම සකසන්නා
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාබල සෙබල ඩබ්ලිව්.ජී. මහේෂ්
හොඳම ආවරණය කරන්නා
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් එස්.එච්.එච්. නලින්
හොඳම ආරක්‍ෂකයා
ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ඒ.ටී. කුමාරසිංහ
හොඳම ප්‍රහාරකයා
ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල කේ.එම්.එස්. සමන් කුමාර
හොඳම ක්‍රීඩකයා
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.අයි. මධුෂාන්
කාන්තා බලකාය
හොඳම සකසන්නා
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.ටී.කේ. දිසානායක
හොඳම ප්‍රහාරකයා
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.ඒ.එස්.එන්. බාලසූරිය
හොඳම ක්‍රීඩිකාව
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එල්. සේනාරත්න
‘ඒ’ ඛාණ්ඩය
හොඳම සකසන්නා
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.වී.ආර්. සඳරුවන්
හොඳම ආරක්‍ෂකයා
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එම්.එච්.ඒ.එස්. ධර්මපාල
හොඳම ක්‍රීඩකයා
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.එම්. වික්‍රමසිංහ