Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2024 16:41:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් එම මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය 2024 අප්‍රේල් මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවට අයත් ගැරිසන් ඉංජිනේරු සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ස්වේච්ඡා ඒකකයන්හි භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත මෙම බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.