Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2025 08:43:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය පොසොන් පොහෝය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව ඒකාබද්ධව පොසොන් පොහෝ දිනයට සමගාමීව 2025 ජුනි මස 10 දින පනාගොඩ, ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ‘සීල සමාධි’ වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන අතරතුරදී, මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදම් කිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් මහා සංඝරත්නය විසින් බෝධි පූජාමය වැඩසටහනක් හා භාවනා වැඩසටහන් පැවැත්වූ අතර පිරිත් සජ්ඣායනාවක් ද සිදුකළහ.

මෙම පුණ්‍ය වැඩසටහන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.