08th November 2023 22:17:40 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන්ගේ පුහුණු දිනය එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස්. වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ වේරහැර, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින පවත්වන ලදී. එදින පුහුණු දින සැසිය සඳහා නිලධාරීන් 140 කට අධික පිරිසක් සහභාගී වූහ.
පුහුණු වැඩසටහන ආරම්භ කරමින් සියලුම නිලධාරීන් සඳහා උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණුවීම් සහ සරඹ පුහුණුවීම් පැවැත්වීය. අනතුරුව මේජර් ඩබ්ලිව්.ජී.ජේ.එම්.ඩී.එස්. ජයසිංහ විසින් ‘Auditing Procedures of Non-Public Funds’ පිළිබඳව තරුණ නිලධාරීන්ට වැදගත් දේශනයක් සිදු කරන ලදී.
පුහුණු දින සැසිය වෙනුවෙන් යුද්ධ හමුදා යුධෝපකරණ පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.එම්.ඒ.එන් වර්ණසූරිය එ්ටීඹ් විසින් ‘Procurement Procedures of the Sri Lanka Army’ මැයෙන් දේශනයක් පවත්වන ලදී. එදින සවස් කාලයේ විනෝදාස්වාදය වෙනුවෙන් ක්‍රිකට් සහ වොලිබෝල් තරඟයන්ද පැවැත්වූහ.
සන්ධ්‍යාවේදී පුහුණු දිනයට සමගාමීව ‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහනක් පැවති අතර, ඒ සඳහා පැමිණි නිලන්තන් නිරූතන් මහතා විසින් “Latest Battles in the World and AI Technologies Used in Those Battles” යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වීය. අනතුරුව, පුහුණු දිනයේ කටයුතු අවසන් කරමින් නිලධාරී නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වූහ.