Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2024 10:12:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මාර්තු මස 23 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩසටහනක් පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත මෙම සැමරුම් උත්සවයේදී කාන්තාවන් වෙනුවෙන් පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්විණි. රෝගය පිළිබඳ කල්තියා හඳුනාගැනීම සහ රෝගය වැළඳීම වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශනය සංවිධානය කරනු ලැබීය.

මෙම වැඩසටහන අතරතුරදී, ‘British Cosmetics’ ආයතනයේ මූලිකත්වයෙන් කාන්තාවන්ගේ වෙනුවෙන් රූපලාවන්‍ය වැඩසටහනක් ද පවත්වන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් ත්‍යාග පාර්සල් පිරිනැමීම ද සිදුකෙරිණි.