Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී දැල් පන්දු පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන යුද්ධ හමුදා නිලධාරීනියන් අතර දැල්පන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් තෙදින වැඩමුළුවක් පෙබරවාරි මස 4 සිට 6 දින දක්වා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. මෙම දැල්පන්දු පුහුණුකරු සංජීවනි වනසිංහ පීරිස් මහත්මිය විසින් මෙහෙයවිය.

මෙම වැඩමුළුවේදී ක්‍රීඩිකාවන්ගේ සම්බන්ධතාවය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, නම්‍යශීලී බව, ප්‍රතික්‍රියා කාලය සහ ශක්තිය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් පැවැත්විණි. මෙම වැඩමුළුවට කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 බී සහ 17 (ස්වේච්ඡා) හි කෙඩෙට් නිලධාරීනියන් සහ සෙසුනිල උපදේශීකාවන් සහභාගී වූහ. මෙම වැඩමුළුව කෙඩෙට් නිලධාරීනියන්ට දැල් පන්දු ක්‍රීඩාව කෙරෙහි දැනුමක් ලබාගැනීමට මහඟු පිටුවහලක් විය. latest Nike Sneakers | Sneakers