Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2025 17:55:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV ජ්‍යෙෂ්ඨ නිලධාරි අසනීප තත්ත්වයක් හේතුවෙන් වේරහැර, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ දී 2025 අප්‍රේල් මස 25 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 91 වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා 2025 අප්‍රේල් මස 27 දින පෙරවරු 8.30 සිට පානදුර, උඩහමුල්ල, හිරණ පාරේ අංක 11 දරණ ස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව 2025 අප්‍රේල් මස 28 දින ප.ව. 05.00 ට පානදුර, මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.