Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩා සමාජය සහ භූතානයේ පාරෝ පාපන්දු ක්‍රීඩා සමාජය අතර පැවැති මුලිකවටයේ තරගය සමවෙයි

ආසියානු පාපන්දු කුසලානය යටතේ පැවැත්වෙන මූලික පාපන්දු තරඟවටයේ උණුසුම් තරඟයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩා සමාජය හා සංචාරක භූතානයේ පාරෝ පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ බදාදා (22) දින සන්ධ්‍යාවේ තුරඟ තරඟපිටියේදී පැවැත් වූ අතර එහිදී දෙපිලම ගෝල 3 බැගින් වාර්ථා කිරීම හේතුවෙන් තරගය සම තරගයක් ලෙස අවසන් විය.

මෙම තරඟය ආසියානු පාපන්දු කුසලානයේ (AFC) ‘ඊ’ කාණ්ඩය යටතේ පැවැත් වූ අතර ඔවුන් නැවතත් ජනවාරි මස 29 වන දින භූතානයේ පැවැත්වෙන තවත් තරඟයකදී තරඟ වැදීමට නියමිතව ඇත.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහභාගී වූය.

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය මෙම තරඟාවලිය සදහා තෝරාගනු ලැබුවේ ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලිය - 2019 දී යුද්ධ හමුදා පාපන්දු සමාජය ලද ජයග්‍රහණ මතය.

මෙම තරගයන් සියල්ල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ සමීප සහයෝගයෙන් ආසියානු පාපන්දු කුසලානයේ නීතිරීතිවලට අනුකූලව පවත්වනු ලබයි.

ඉරානයේ විනිසුරුවන් 4 දෙනෙකු මෙම තරගයෙහි විනිසුරුවන් ලෙස කටයුතු කරනු ලබු අතර ජෝර්දාන ජාතිකයෙකු තරග කොමසාරිස් ලෙස කටයුතු කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු සමාජය ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 3 දෙනෙකුගෙන් සමන්විත වන අතර නයිජීරියානු ජාතික ක්‍රීඩකයින් 2 ක් සහ ගහනා ජාතික ක්‍රීඩකයෙකු යුද්ධ හමුදා පාපන්දු සමාජයට ඇතුළත් වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා පාපන්දු සම්මේලනයේ සභාපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර විසින් මෙම තරගය සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරන ලදී.

ආසියානු පාපන්දු කුසලාන තරඟාවලිය, ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පාපන්දු තරඟාවලියක් වන අතර එහි වර්තමාන නීතිරීතිවලට අනුව, ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මුලික වටයේ සුදුසුකම් නොලත් පාපන්දු කණ්ඩායම් අතර පවත්වයි.

මෙම පාපන්දු තරඟය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිළයන් සහ පාපන්දු ක්‍රීඩාලෝලීන් රැසක් සහභාගි වූහ. latest jordans | Trending