Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2024 13:41:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස චතුරි සුමේධා මහත්මිය 2024 ඔක්තෝබර් මස 23 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමිය සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.