Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම ශූරතා 6ක් දිනාගනී

15 වන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය සෙනසුරාදා (7) දින කොළඹ ගාලු මෝදර පිටියේදී පැවති අතර තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් විසින් දිනාගන්නා ලදී.

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් මෙහෙයවන ලද මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා, ක්‍රීඩා සමාජ, පෞද්ගලික කණ්ඩායම් සහ පළාත් කණ්ඩායම් නියෝජනය කරමින් දිවයින පුරා කණ්ඩායම් 34 ක් සහභාගී වූහ.

තරඟාවලිය සඳහා සහභාගි වූ යුද්ධ හමුදා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පිරිමි කිලෝග්‍රෑම් 640, ජ්‍යෙෂ්ඨ කාන්තා කිලෝග්‍රෑම් 540, වයස අවුරුදු 23 න් පහළ පිරිමි කිලෝග්‍රෑම් 600, වයස අවුරුදු 23 න් පහළ පිරිමි 500, පිරිමි (වයස අවුරුදු 14-18) කිලෝග්‍රෑම් 560, කාන්තා (වයස අවුරුදු 14-18) කිලෝග්‍රෑම් 480 සහ විවෘත පිරිමි සහ කාන්තා අංශ ශූරතාව දිනා ගත්හ.

අවසන් මහා තරගයේදී පිරිමි අංශයේ, වයස අවුරුදු 23 න් පහළ කිලෝග්‍රෑම් 600 බර පන්තියේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර අනුශූරතාව උඩුගම්පොල එක්සත් ක්‍රීඩා සමාජය විසින් දිනා ගත්තේය.

අවසන් මහා තරගයේදී කාන්තා අංශයේ, වයස අවුරුදු 23 න් පහළ කිලෝග්‍රෑම් 600 බර පන්තියේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර අනුශූරතාව ‘භාතී’ ක්‍රීඩා සමාජය විසින් දිනා ගත්තේය.

ජ්‍යෙෂ්ඨ පිරිමි කිලෝග්‍රෑම් 640 බර පන්තියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාව අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

ජ්‍යෙෂ්ඨ කාන්තා කිලෝග්‍රෑම් 540 බර පන්තියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාව අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

‘Catch weight’ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර ගනේමුල්ල ‘සුසිත’ ක්‍රීඩා සමාජය අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

‘Catch weight’ කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිනාගත් අතර ගනේමුල්ල ‘සුසිත’ ක්‍රීඩා සමාජය අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. එස්. රුවන් චන්ද්‍ර ද සිල්වා මහතා සහභාගී විය. තවද, මෙම සම්මාන ප්‍රදානෝත්සවයට කඹ ඇදීමේ සම්මේලනයේ නිලධාරින් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සහභාගී වූහ. bridgemedia | adidas garwen spezial white shoes - New In Shoes for Men