Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2024 18:37:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 56 වන අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ තරඟාවලිය සාර්ථකව අවසන්

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 56 වන අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ තරඟාවලිය 2024 පෙබරවාරි මස 28 සහ 29 දෙදින තුළ රසල් හයින් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම තරඟාවලිය සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් බර කාණ්ඩ තුනක් යටතේ කඹ ඇදීමේ කණ්ඩායම් 24 ක් සහභාගී වූහ.

තරඟාවලියේ, ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑසවී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කෙරිණි.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ:

කිලෝග්‍රෑම් 560 පිරිමි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

කිලෝග්‍රෑම් 560 පිරිමි කාණ්ඩයේ දෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව

කිලෝග්‍රෑම් 560 පිරිමි කාණ්ඩයේ තෙවන ස්ථානය - ගැමුණු හේවා බලකාය

කිලෝග්‍රෑම් 640 පිරිමි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

කිලෝග්‍රෑම් 640 පිරිමි කාණ්ඩයේ දෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 640 පිරිමි කාණ්ඩයේ තෙවන ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

කිලෝග්‍රෑම් 560 කාන්තා කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝග්‍රෑම් 560 කාන්තා කාණ්ඩයේ දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

කිලෝග්‍රෑම් 560 කාන්තා කාණ්ඩයේ තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය