Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2024 19:31:00 Hours

ශ්‍රී ලංකා යුද් හමුදා ඉංජිනේරු සේනාංකය විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA ) විශේෂ පුහුණු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA ) පුහුණු නිලධාරීන් 18 දෙනෙකු සඳහා කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් කොළඹ 07 හෙක්ටර් කොබ්බෑවාඩුව ගොවිජන පුහුණු ආයතනයේදී පැවැත් විය.

කාර්යක්‍ෂම සේවාවාවක් සඳහා පුහුණු නිලධාරීන්ගේ කුසලතාවයන් සහ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම වැඩමුඵවේ අරමුණ විය. මෙම වැඩමුළුවට සමාජ සහ අහාරපාන අනුභවයේදී පිලිපැදිය යුතු ආචාර ධර්ම, කාලය කළමනාකරණය, ආතතිය කළමනාකරණය, අභිප්‍රේරණය සහ නායකත්ව දේශනයන්ගෙන් මෙන්ම ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලින්ද සමන්විත විය.

මීට අමතරව, පුහුණුකරුවන් විසින් යම්කිසි සිද්ධි පදනම් කරගත් ඉගෙනුම් ක්‍රියාකාරකම් සහ ඔවුන් මුහුණදුන් යථාර්ථවාදී අභියෝගයන් පිළිබඳ ගැඹුරු විග්‍රහයන් සිදු කරීම වැනි දේවල් වැඩමුළුවේ සමන්විත විය. එහිදී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂවරුන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකය විසින් පැවැත්වූ තෙදින වැඩමුළුවට සිය කෘතඥතාව පළ කළේය.