Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත ටයිකොන්ඩු සම ශූරතාවය

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩු තරඟාවලියේ සමාප්ති උළෙල සිකුරාදා (20) දින පනාගොඩ යුද හමුදා ක්‍රීඩා සංකීර්ණයේ දී පවත්වන ලදි.

එම තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ටයිකොන්ඩු කණ්ඩායම් වෙත සම ශුරතාවය හිමිවිය.

එමෙන්ම, මෙහි ආධුනික අංශයේ තරඟවල දී සන්නද්ධ බුද්ධි බලකාය වෙත ශුරතාවයත්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම වෙත අනුශුරතාවයත් හිමිවිය.

ඒ අනුව, විවෘත සහ ආධුනික යන අංශයන් යටතේ දක්ෂ ලෙස තරඟ කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් බි.ඒ.පි.එස්.ඩබ්. දයාරත්න (විවෘත අංශය) සහ විශේෂ බලකායේ කෝප්‍රල් ඒ.ඒ.සී. මදුෂංක (ආධුනික අංශය) යන ක්‍රීඩකයින් වෙත කුසලාන පිරිනැමිම ද මෙහිදි සිදු කෙරිනි.

අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩු තරඟාවලියේ සමාප්ති උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගි වූ අතර, ඔහු පිළිගැනීම යුද හමුදා ටයිකොන්ඩු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඩබ්.ඩි.සි.කේ. කොස්තා විසින් සිදු කෙරිනි.

එහිදි මෙම තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදි.

latest Running Sneakers | M2k Tekno