24th April 2025 11:37:56 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව 2025 අප්‍රේල් මස 11 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
මෙම වැඩසටහන අතරතුරදී, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතිවලට සමගාමීව එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කරමින් ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී. එමෙන්ම, මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරනු ලබන සිවිල් සේවක මහතෙකුගේ පුතණුවන් වෙත ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා ද මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී.