Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2024 14:02:16 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 108 හි ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වෙයි

ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 108 හි ක්‍රීඩා උළෙල 2024 පෙබරවාරි මස 03 දින ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එච්.ඒ.ඩී.වී.කේ. ඇලෙක්සැන්ඩර් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී සහභාගී විය.

මෙම ක්‍රීඩා උළෙලේදී ආධුනික භටයින් සිය විශිෂ්ඨ ක්‍රීඩා කුසලතාවයන් එළිදැක්වූ අතර එම අවස්ථාව වෙනුවෙන් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් ද එක්ව සිටියහ.