Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා පාබල හමුදා අන්තර් බලඇණි වෙඩිතැබීම් සහ චෙස් තරඟාවලින් සාර්ථකව නිමාවට

ශ්‍රී ලංකා පාබල හමුදා අන්තර් බලඇණි වෙඩිතැබීමේ තරඟාවලියේ සහ චෙස් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (15) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි විය.

අන්තර් බලඇණි වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරතාවය 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් හිමිකරගත් අතර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සම්මාන ප්‍රදානය කළහ. වෙඩි තැබීමේ තරඟාවලියේ අනුශූරතාවය 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා වෙඩි තැබීමේ කණ්ඩායමට හිමිවිය. එමෙන්ම, අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලියේ ශූරතාවය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවට හිමිවූ අතර තරඟාවලියේ අනුශූරතාවය 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමට හිමිවිය.

වෙඩිතැබීමේ සහ චෙස් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීමේ වර්ණවත් උත්සවය සඳහා මේජර් ජෙනරාල් ජේ.ආර්. අම්පේමොහොට්ටි, බ්‍රිගේඩියර් අයි.ජි.ආර්.ජි. බෝගොඩවත්ත, බ්‍රිගේඩියර් ඒ.ඒ.එස්.පී. තිලකරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම තරඟාවලි ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී දියතලාව වෙඩිපිටියේ දී සහ දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ දී පැවැත්විණි.

වෙඩිතැබීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ බලඇණි 17 ක් නියෝජනය කරමින් වෙඩික්කරුවන් 170 ක් සහභාගි වූ අතර චෙස් තරඟාවලිය සඳහා බලඇණි 16 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 94 දෙනෙකු සහභාගි වූහ. Nike shoes | Nike