Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2024 12:02:16 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පුහුණු දින වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 පෙබරවාරි මස 08 දින පුහුණු දින වැඩසටහනක් පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහනේදී, උදෑසන ශාරීරික පුහුණු සැසියෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී සරඹ පුහුණුව සිදුකරනු ලැබීය.

මෙම පුහුණු දින වැඩසටහනේදී, යුද්ධ හමුදා සාමාජිකයන් වෙත වැදගත් වන කරුණු සම්බන්ධ දේශන මාලාවක් පැවැත්විණි. යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් විසින් මෙහෙයවන ලද මෙම සැසිවාරයේදී කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.