Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ශ්‍රී ලංකා කායවර්ධන තරඟාවලියේදී යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් පදක්කම් රැසක් දිනාගනි

වැලිසර පිහිටි නවලෝක ක්‍රීඩාංගණයේ පසුගිය සෙනසුරාදා (21) දින පැවති ශ්‍රී ලංකා කායවර්ධන තරඟාවලිය - 2019 සඳහා තරඟ වැදුණු යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කායවර්ධන ක්‍රීඩා සමාජ කිහිපයකම ක්‍රීඩකයින්ට අභියෝගයක් එල්ල කරමින් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගැනීමට සමත්විය.

පදක්කම්ලාභීන්ගේ නම් පහතින් දක්වේ;

රන් පදක්කම්

කෝප්‍රල් කේ.පී.එන්. ගුණසේකර - භෞතික අංශයේ රන්පදක්කම සහ හොඳම පස්පිඩු ප්‍රදර්ශකයාට හිමි රන් පදක්කම.

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.පී.එන්. චාමික - රන් පදක්කම (කිලෝග්‍රෑම් 55 බර පන්තිය)

සැරයන් එච්.ඒ.එස්. හේවගේ - රන් පදක්කම (කිලෝග්‍රෑම් 66 බර පන්තිය)

රිදී පදක්කම

සාමාන්‍ය සෙබළ මගිනාආරච්චි - රිදී පදක්කම (කිලෝග්‍රෑම් 80 බර පන්තිය)

ලෝකඩ පදක්කම්

සාමාන්‍ය සෙබළ බී.ඒ.එම්. මෙන්ඩිස් - ලෝකඩ පදක්කම (කිලෝග්‍රෑම් 55 බර පන්තිය)

කෝප්‍රල් ජි.ජි.එන්. වික්‍රමසිංහ - රිදී පදක්කම (කිලෝග්‍රෑම් 65 බර පන්තිය)Sports brands | Sneakers