Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2023 19:02:44 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වෙසක් පොහොය නිමිත්තෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වෙසක් සතිය නිමිත්තෙන් මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි තුසිත වැඩිහිටි නිවාසයේ නේවාසික වයෝවෘද්ධ මව්වරුන් සහ පියවරුන් 26 දෙනෙකු වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (02) දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ප්‍රජා මූලික වැඩසටහනේදී එම මව්වරුන් සහ පියවරුන් වෙත අත්‍යවශ්‍ය ආහාර වර්ග, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ ඇඳුම් පැළඳුම් වැනි ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි.

මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.

සාම්ප්‍රදායික රසකැවිලි වලින් සමන්විත තේ පැන් සංග්‍රහයකින් අනතුරුව මෙම පරිත්‍යාග වැඩසටහන ආරම්භ කෙරිණි.

වැඩිහිටි නිවාසයේ නේවාසික මව්වරුන් සහ පියවරුන් වෙත රසාස්වාදයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනෙරු බලකායේ කැලිප්සෝ සංගීත කණ්ඩායම සහභාගී වූ අතර එම අවස්ථාව සඳහා නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.