Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2024 13:26:35 Hours

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙතින් වැඩසටහන් මාලාවක්

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල වෙතින් 2024 මැයි මස 23 දින බෝධිපූජා පිංකමක් පවත්වා මැයි මස 24 දින මඤ්ඤොක්කා සහ පොල් රොටි දන්සලක් පැවැත්වීය. මෙම අවස්ථාවට සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් සහභාගී වූහ.

මේ අතර, වෙසක් උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් 2024 මැයි මස 23 දින පනාගොඩ, හබරකඩ ප්‍රධාන දොරටුව අභියසදී කොස් සහ කඩල දන්සලක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී සහභාගී විය. එමෙන්ම, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.