02nd June 2024 19:05:48 Hours
වෙසක් උත්සවයට සමගාමීව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මැයි මස 23 දින රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය අභියසදී රණවරා, බෙලිමල්, බනිස් සහ බිස්කට් දන්සැලක් පැවැත්වීය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් පවත්වනු ලැබූ මෙම දන්සැල සඳහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය වෙත සපැමිණි දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ සෙසුනිලයන් සිය දායකත්වය ලබාදුන්හ.