09th May 2023 21:21:04 Hours
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී උපදෙස් මත එම සේනාංක මූලස්ථානයේ උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.
වෙසක් උත්සවය සුමදුර ධර්ම දේශනාවකින් පසුගිය 04 දින (බ්‍රහස්පතින්දා) ආරම්භ වූ අතර, අනතුරුව 05 දින (සිකුරාදා) වන දින අයියකච්චි ‘GTM’ පාසලේ පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත පොත් බෙදා දීමේ වැඩසටහනක්ද සිදු කරනු ලැබීය.
ප්‍රදේශයේ ජනතාව වෙත එහිදී ආහාර සලාක ඇසුරුම් පාර්සල් 1500 කට අධික ප්‍රමාණයක් ද ප්‍රදානය කෙරුණු අතර, නාවට්කුලි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හංවැල්ලේ රත්නසිරි හිමියන් විසින් 55 වන පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් වෙත ආශිර්වාද එක් කිරීමේ ‘ධර්ම දේශනා’ වැඩසටහනක් ද පවත්වන ලදී.
552 පාබල බලසේනාව විසින් අයියකච්චි ‘GTM’ පාසලේ දී පවත්වන ලද පොත් බෙදා දීමේ වැඩසටහනින් අනතුරුව එම පාසලේ සිසුසිසුවියන් සඳහා අයිස්ක්‍රීම් සංග්‍රහයක් ද පැවැත්විණ. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වූ මෙම අවස්ථාව සඳහා 553 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක යූඑස්පී පීඑස්සී, කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.ආර්.ඒ ගුණරත්න, පලෙයි පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.සී.එස්.කේ කුලරත්න, පලෙයි දමිළ හින්දු සංගමයේ සභාපති ඒ.පී මතන්, අයියකච්චි ‘GTM’ පාසලේ විදුහල්පති එම් කජේන්ද්‍රන් ඇතුලු මහත්වරුන් සහ මවුපියන් පිරිසක් සහභාගි වූහ.
ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ඇතුළු එම පරිත්‍යාගහීලී කණ්ඩායම මෙම උත්සව අවස්ථාව සඳහා මූල්‍යමය දායකත්වය දැක්වූ අතර, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, කෙවිල් ගම්වාසීන් වෙනුවෙන් පැවැත්වූ දන්සල සඳහා 55 වන සේනාංකය යටතේ ඇති සියලුම බලසේනාවන්හි කාර්යය මණ්ඩලය සම්බන්ධ වූහ.
කඩ්ඩෙයිකාඩු 55 වන පාබල සේනාංක මූලස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේ පැවති වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට සඳහා කඩ්ඩෙයිකාවු දේවස්ථානයේ පූජක අමල් රාජ් පියතුමා, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වූහ.