Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2024 16:12:55 Hours

වෙසක් උත්සවය වෙනුවෙන් 22 පාබල සේනාංකය වෙතින් බත් දන්සැලක් පවත්වයි

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2024 වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනය වෙනුවෙන් 2024 මැයි මස 23 දින සැමරුම් උත්සවයක් පැවැත්විය.

වෙසක් උත්සවය වෙනුවෙන් 22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එම සේනාංක මූලස්ථානයේදී බැතිමතුන් 10000 ක්, සේරුවාවිල රජමහා විහාරස්ථානයේ බැතිමතුන් 5500 ක් සහ තඹලගමුව ප්‍රදේශයේ බැතිමතුන් 8000 ක් වෙනුවෙන් බත් දන්සලක් පැවැත්වීය. 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණය මත අනුග්‍රාහක භවතුන් විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

එම සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත 22 පාබල සේනාංකය, 15 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබූහ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම දන්සලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ත්‍රිකුණාමල දිසාපති චමින්ද හෙට්ටිආරච්චි මහතා සහභාගී විය. එමෙන්ම, 221, 222 සහ 223 පාබල බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 22 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.