Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2024 18:01:23 Hours

වෙසක් උත්සවය නිමිත්තෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් වෙසක් කූඩු සංදර්ශන මාලාවක්

මාතලේ පැවති ජාතික වෙසක් උත්සවයට සමගාමීව මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උපදෙස් මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අලංකාරවත් වෙසක් කූඩු නිර්මාණය කරන ලදී.

උකුවෙල, කලල්පිටිය, බලකඩුව, උඩුපිල්ල අනුරුද්ධ අරණ විහාරස්ථානය, මානන්දවෙල විජේසුන්දරාරාමය, මාතලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන ඇතුළු විවිධ ස්ථානයන් හි 2024 මැයි මස 23 දින සිට 27 දින දක්වා මෙම වෙසක් කූඩු ප්‍රදර්ශනය කරන ලදී.

එකිනෙකට නොදෙවෙනි තරඟකාරීත්වයකින් වෙසක් කූඩු නිර්මාණය කර තිබූ අතර එහිදී පැවැත්වූ වෙසක් කූඩු තරඟයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව මාතලේ බෞද්ධ බළමණ්ඩල තරඟයෙන් සිව්වන ස්ථානය දිනාගත් අතර 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව මාතලේ ජාතික වෙසක් කලාපය සඳහා ඉදිරිපත් කර තිබූ යුද්ධ හමුදා වෙසක් කුඩු අතුරින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදී.