Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට අම්පාර හා තංගල්ල භට පිරිස් හී සහාය

ජාතික සාගර සම්පත් සුරැකීමේ සතිය (සැප්තැම්බර් මස 15 - 23) ට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයන්ට අනුගත වෙමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 12 වන සහ 24 වන සේනාංක භට පිරිස් හී සහයෝගයෙන් සාගර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්සාගර පරිසර ආරක්ෂක අධිකාරිය (MEPA)සහ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ද සහයෝගයෙන් තංගල්ල සහ අම්පාර ප්‍රදේශයන්හීදී යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරනු ලැබුහ.

ජාත්‍යන්තර වෙරළ දිනයට සමගාමීව ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වාර්ෂිකව සමරන්නට යෙදෙන අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව,එහි කාර්යභාරය ඉටුකිරීමෙහිලා යුද්ධ හමුදා සහයෝගය අනාගතයේදී තවදුරටත් ලබාදෙනු ඇත.

මේ අතර, මෙම ව්‍යාපෘතියේ අංගයක් ලෙස 122 බලසේනාවට අයත් ඒකකයන් හී යුද්ධ හමුදා භට පිරිස් 1000 කට ආසන්න පිරිසක් බදාදා (20) වන දින කුඩාවැල්ල ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනකට දායක වුහ.

එමෙන්ම, 24 සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධික්ෂණය යටතේ 241 සහ 242 බලසේනා භට පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරක සිත් ඇදගන්නා ආරුගම්බේ, කල්මුනේ සහ තිරුක්කෝවිල් ප්‍රදේශ ආශ්‍රිත වෙරළ තීරයන්ද පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.

වෙරළ තීරය ආශ්‍රිත දිස්ත්‍රික් ලේකම් කාර්යාල රජයේ නිලධාරීන් සහ දෙපාර්තමේන්තු හි සේවයේ නියුතු අයවළුන්, පොලිසිය, සාමාන්‍ය වැසියන් සහ අනෙකුත් හමුදා සාමාජිකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම සත්කාරය සදහා යුද්ධ හමුදාව සමග එක් වුහ.

12 වන සේනාංක බල ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දකුණු පලාත් වෙරළ ආරක්ෂක අධිකාරියේ කාන්තා පරිපාලන නිලධාරිනියක් විසින් එම කටයුත්තට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් ව සිටි ත්‍රිවිධ හමුදා භට පිරිස්, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් සහභාගි වු සියළු පුද්ගලයින් අමතා ආරම්භක දේශණයක් ද පවත්වන ලදී.

මේ අතර, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රාජකාරී නිරත ත්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් 300 කට අධික පිරිසක් ඇතුළු පාසල් සිසුන් හා රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තවත් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්, සැප්තැම්බර් මස 20 - 21 දෙදින තුලදී මුලතිව් ප්‍රදේශයේ පවත්වන ලදී.

මුලතිව් හා අලම්පිල් දක්වා කි.මි 3 ක වෙරළාශ්‍රිත ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනකට ද 591 සහ 592 බල සේනා යටතේ රාජකාරීන් හි අනුයුක්ත ඒකකවල භට පිරිස් සහභාගි වුහ.

මෙම වැඩසටහන සදහා සියළු දෙපාර්තමේන්තු, රජයේ නිලධාරීන්, වෙරළබඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හී නිලධාරීන්, අනෙකුත් හමුදා, පොලිස්, සිවිල් සංවිධාන හා පාසල් සිසුන් යුද හමුදා භට පිරිස සමග සහයෝගයෙන් එක්වී ක්‍රියාත්මක කරන ලදී.

best shoes | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys