Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2024 14:55:16 Hours

විශේෂ බලකායේ භටපිරිස් වෙනුවෙන් මුයිතායි ආත්මාරක්‍ෂක සටන්කලා හැකියාව වර්ධනය කිරීමේ පාඨමාලාවක්

යුද්ධ හමුදා විශේෂ බලකායේ බලකාධිපති සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් හා විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්. හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත විශේෂ බලකා රෙජිමේන්තුව වෙතින් එම බලකා සමාජිකයින් වෙනුවෙන් මුයිතායි ආත්මාරක්‍ෂක සටන් කලාව වර්ධනය කිරීමේ පාඨමාලාවක් පසුගිය දා පවත්වනු ලැබීය.

මෙම පුහුණු පාඨමාලාව 2024 මැයි මස 13 සිට ජූනි මස 03 දින දක්වා 3 විශේෂ බලකා මූලස්ථානයේදී පැවැත්වුණු අතර පාඨමාලාව සඳහා විශේෂ බලකා සාමාජිකයන් 44 දෙනෙකු සහභාගී වූහ. යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ උප සභාපති කර්නල් පී.පී.සී පෙරේරා පීඑස්සී ගේ උපදෙස් මත උපදේශකයින් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පාඨමාලාවේ උපදේශකයන් වශයෙන් කටයුතු කළහ. මෙම පාඨමාලාව, එම බලකා සාමාජිකයන්ගේ ආත්මාරක්‍ෂක සටන් හැකියාවන් වැඩිදියුණු කිරීම, ආත්මාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය දැනුම සහ උපායමාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්විණි.